Posted by : Unknown Friday, July 5, 2013


ශී‍්‍ර ලාංකික ගීත රසිකයෝ බොහෝ වෙති. ඉන් බහුතරය ප‍්‍රධාන ධාරාවේ ජනපි‍්‍රය ගීත රැුල්ල හා බැඳුණු පිරිසක් වන අතර ඉංගී‍්‍රසි ගීත රසිකයන් වන්නේ
කොළඹ හා තදාසන්න ප‍්‍රදේශ වලමධ්‍යම හෝ ඉහළ මධ්‍යම පන්තියේ පිරිස්ය. ඒ හැරුණු විට කොළඹින් පිට ග‍්‍රාමීය හා අර්ධ නාගරික ප‍්‍රදේශවල ඉංගී‍්‍රසි ගීත රසිකයන් සිටියදඑම පිරිස අතලොස්සකි. එහෙත් ශී‍්‍ර ලංකාවේ ජනපි‍්‍රයම ඉංගී‍්‍රසි ගීතය’ කුමක්දැයි කෙනෙකු විමසුවහොත්විමර්ශනය කළහොත් අවිවාදයෙන්ම එය ඊගල් සංගීත කණ්ඩායමේ හොටෙල් කැලිෆෝනියා’ ගීතය යැයි පෙනී යනු ඇත. අදටත් ග‍්‍රාමීය හා අර්ධ නාගරික ප‍්‍රදේශවල පිරිස් අතර ඉහළ ජනපි‍්‍රයත්වයක් රඳවා ගැනීමට හොටෙල් කැලිෆෝනියා ගීතය සමත්වී ඇත. මේ තත්ත්වය ලෝක මට්ටමින් සැලකුවද වෙනසක් නොමැත. ඇමෙරිකානු පොප් ගීත රසිකයන් අතර අදටත් ඊගල් සංගීත කණ්ඩායමේ යාවජීව රසිකයන් ද ( Die hard fans) රසික සමාජ ද සිය දහස් ගණනින් දැක ගත හැක.
හොටෙල් කැලිෆෝනියා’ ගීතය බිහි වන්නේ 1970 දශකයේ ඊගල් සංගීත කණ්ඩායමේ සාමාජිකයන් වන ඩොන් හෙන්ලිඩොන් ෆෙඞ්ලර් හා ග්ලෙ ෆ්රේ අතිනි. 1976 වසරේ නිකුත්වුනු මෙම ගීතයේ ජනපි‍්‍රයත්ව මෙතරම් ඉහළ යාමට එක් හේතුවක් වූයේ ගීතය නිකුත් වී සුළු කාලයක් ඇතුලත ඒ වටා ගොඩ නැගුණු විවිධ මති මතාන්තරයි. අදටත් හොටෙල් කැලිෆෝනියා ගීතයේ පදපෙළ පිළිබඳ ලොව පුරා ගොඩනැගුණු විවිධ ප‍්‍රබන්ධ හා මත බොහෝමයක් වේ. ප‍්‍රථමයෙන් පැහැදිලි කළ යුතු සහ බැහැර කළ යුත්තේජනපි‍්‍රයම අදහස වන හොටල් කැලිෆෝනියා නම් සංචාරක හෝටලයක ආරම්භක උත්සවයේ ගායනා කළ ගීතයකැයි‘ යන අදහසයි. මෙය ශී‍්‍ර ලාංකිකයන් අතර පමණක් නොවඇමෙරිකානුවන් අතරද කලක් ප‍්‍රසිද්ධියට පත්ව තිබුනේ හොටෙල් කැලිෆෝනියා යනු ඇ‍ෙමරිකාවේ සැන්ට බාබරා වෙරළ තීරය ආසන්න අධිවේගී මාර්ගයේ මායිමේ පිහිටි හොටලයක්‘ යන මතයයි. මෙම අදහස පසුකාලීනව ඇමෙරිකානුවන් බැහැර කළේ එවන් හෝටලයක් සැන්ට බාබරා වෙරළ සීමාවේ නොමැති බව වැටහීයාම හේතුවෙනි.
මෙම ගීතය පිළිබඳ වඩාත් විවාදාත්මක හා අදටත් බැහැර නොකල මතයක් ලෙස පවතින පැහැදිලි කිරීම වන්නේ හොටෙල් කැලිෆෝනියා ගිතයෙන් කියැවෙන්නේ යක්‍ෂයා ඇදහීම පිළිබඳ මතයක්’(Satanism) යන්නයි. ගිතයේ සඳහන් to kill the beast, stab with thier knives,  you can ckeck out any time you like, but you can never leave යන පද පේලි යක්‍ෂයා අදහන්නන් පිළිබඳ සඳහන් කරන බවත්ඇමෙරිකානු පුස්ථකාල සමහරෙක යක්‍ෂයා පිළිබඳ ලියැවුණු පොත්පත් කියවිය හැකි නමුත් ඒවා පිටතට ගෙනයාමේ තහනමක් තිබෙන අතර you can check out any time you like, but you can never leave  යන්න මේ පිළිබඳ සඳහන් කරන්නක් බවත් මෙම අදහස පිළිගන්නෝ පවසති. යක්‍:ෂයා ඇදහීමහොටෙල් කැලිෆෝනියා සම්බන්ධ බව වඩාත් ප‍්‍රචලිත කරවීමට තවත් හේතුවක් වූයේ ගීතය අඩංගු ඇල්බම් කවරයේ පිටුපස ඡුායරූපයේ වම් කෙළවරේ මුඩු හිසක් සහිත කිසියම් පුද්ගලයකු බැල්කනියෙන් බලා සිටින සේයාවක් ඇතුලත්ව තිබීමයි.
එකල මේ සේයාව පිළිබඳ බොහෝ දෙනා පැවසූ කරුණක් වූයේමේ පුද්ගලයා යක්‍ෂයාගේ පල්ලියේ නිර්මාෘ වන ඇන්ටන් ලා වේ බවයි. ඔහු යක්‍ෂයාගේ පල්ලියේ නිර්මාතෘ මෙන්ම යක්‍ෂයාගේ බයිබලයේ රචකයා ද වෙයි. මේ සැකය සමඟ ගී පද කියැවීමේදී එම අදහස සාධාරණීකරණය කළ හැකි විවිධ ස්ථාන හමුවේ. මෙහි පැවසෙන the beast, you can never leave, this could be heaven or this could be hell ආදියෙන් ඇන්ටන් ලීවේ විසින් පුද්ගලයන් යක්‍ෂයා ඇදහීමට පරිවරත්නය කිරීමත්්ඔවුන්ට කිසිදා එයින් මිදිය නොහැකි බවත් කියැවෙන බව ප‍්‍රචලිත අදහසක් බවට පත්විය.
තවත් කුප‍්‍රකට අදහසක් වන්නේ ඊගල් සංගීත කණ්ඩායම විසින් හොටෙල් කැලිෆෝනියා ලෙස ගයනු ලබන්නේ චාල්ස් මැන්සන් මිනීමැරුම පිළිබඳව යන්නයි. චාල්ස් මැන්සන් මිනීමැරුම යනු ඇමරිකාව පුරා ප‍්‍රසිද්ධියට පත් සිද්ධියකි. එක්දහස් නවසිය හැටේ දශකයේ අග භාගයේ සිදුවූ මෙම මිනීමැරුම සිදු කරන ලද්දේ එකල ඉහල ප‍්‍රසිද්ධියක් ලබාගෙන සිටි චාල්ස් මයිල්ස් මැන්සන් නම් ගායකයා හා ඔහුගේ මැන්සන් ෆැමිලි නම් වූ සංගීත කණ්ඩායමේ සාමාජිකයන් විසිනි. මැන්සන් විසින් සිදුකරනු ලැබූ මිනීමැරුම පාදක වූයේ ඔහු විසින් විශ්වාස කළ හෙල්ටර් සකෙල්ටර්’ නම් අති වර්ගවාදී විශ්වාසයන් මූලික කරගත් බීට්ල්ස්‘ ගීතයක පදනමයි. 
ගීතයේ කියැවෙන අන්දමටම ඉහත සිද්ධිය සිදුවූයේද 1969 වර්ෂයේදීය.(we haven't had that spirit since ninetenn sixty nine). The beast යනුවෙන් හොටෙල් කැලිෆෝනියාහි කියැවෙන්නේ මැන්සන්ය. you can check out any time you like, but can never leave ලෙස සඳහන් වන්නේ හෝටලය ආසන්නයේ සිදුවූ සිදුවීම කිසිවෙකුට කිසිදා අමතක නොවන බවයි. The pink champagne on ice යනු මිනීමැරුමට ලක්වූ ෂැරෝන් ටේඞ් පොහොසතකු බව හැඟවීමට ඉංගී‍්‍රසි භාෂාව හසුරුවා ඇති ආකාරයයි. මිනීමැරුම සිදුවී දිනයේටේඞ්ගේ මන්දිරයේ පිටුපස දොර විවෘත කර තිබූ අතර ඉන් ඇතුළුවූ මැන්සන් ගේ අනුගාමිකයෝ එයට ඇතුළු වී ටෙඞ් ඇතුළු පිරිසට නොනවත්වා පිහි ඇනුම් සිදු කරමින් මරා දැමීය.
සත්‍යය හොටෙල් කැලිෆොනියා යනු ස්ථානයක් නොව හැටේ දශකයේ බටහිර සංගීත කර්මාන්තය පිළිබඳ ව්‍යාංගාර්ථයක් බවත් ඊට ඇතුල් වන හැකියාවෙන් පරිපූර්ණ නමුත් අත්දැකීම් අඩු සංගීතඥයන්ට සිදුවන ඛේදවාචකය ඉන් කියැවෙන බවත් බොහෝ තැන්වල සඳහන් වේ.
මෙම ගීතය පිළිබඳ ඊගල් සංගීත කණ්ඩායමේ සාමාජිකයන්ගේ අදහස් සොයා බැලීම ද ඉතා වැදගත්ය. 2008 වර්ෂයේදී සම්මුඛ සාකච්ඡුාවකට එක්වෙමින් කණ්ඩායමේ ඩොන් ෆෙල්ඩර් ගීතයේ බිහිවීම පිළිබඳ ප‍්‍රකාශ කලේ පහත ආකාරයෙනි,
ඩොන් හෙන්ලි හා ග්ලෙන් තමයි ගීතයේ පද රචනය සෑහෙන දුරට කළේ. අපි රාති‍්‍රයේදී රිය පදවාගෙන එල්.ඒ. වලට යන්න පුරුදුවෙලා තිබුණා. අපි කවුරුවත් කැලිෆෝනියා වලින් ආපු අය නෙමෙයි. ඔබ කවුරුහරි එල්.ඒ. වලට මැද්දෙ එන්න පුරුදු වෙලා තියෙනව නම්ඔබ දැකල ඇති ක්‍ෂිතිජ කොනේ දිලිහෙන විදුලි බුබුළු වල එලිඒ එක්කම ඔබේ ඔළුවට එන්නෙ හොලිවුඞ් සහ ඔබේ සියළුම හීන...කැලිෆෝනියා ගීතයත් ලියැවුනේ ඒ විදිහටයි..’’

ගීතයේ තැනෙක යොදා ගන්නා calitas යන යෙදුම පිළිබඳව ද මතවාද පැවතිණි. මෙය මෙක්සිකානු ග‍්‍රාම්‍ය වහරේ කංසා පොහොට්ටු සඳහා යොදා ගන්නා යෙදුමක් නිසාඊගල් සංගීත කණ්ඩායම මත්ද්‍රව්‍ය ප‍්‍රචාරයක් සඳහා ගීතය යොදා ගත් බවට ද චෝදනා එල්ල විය.

මෙවැනි මතයන් කොපමණතිබුණද හොටෙල් කැලිෆෝනියා යනු කිසිදා නොෙමියෙනකිසිදා නොවියැකෙණ ජනපි‍්‍රයත්වයකින් යුත් අමරණීය ගීතයක් බව ප‍්‍රකාශ කළ යුතුය..

{ 2 අදහස්... read them below or Comment }

  1. දැනුම සාගරයක් !

    ReplyDelete
  2. වටිනවා ගොඩක්ම

    ReplyDelete

Welcome

ඕහ්..තවම member කෙනෙක් වුණේ නැත්ද

▪ අලුත් විදියට හිතන්න 
▪ අලුත් දේ ඉගෙන ගන්න 
▪ අලුත් දේ කරන්න 
▪ අපිත් එක්ක එකතු වෙන්න 
▪ ඔයත් දැන්ම සාමාජිකයෙක් වෙන්න.

Followers

Sunday 7.30 a.m

Online සිංහයින්


- Copyright © සිංහPedia -SinHaPedia.com- Powered by SinHaPedia INC - Designed by Yasiru Udana Ransara -