Posted by : yasiru Saturday, December 22, 2012




ආ දැන් අපිට හොද ප්‍රේක්ෂක පිරිසක් ඉන්නව දැන්.අපි ගියපාර කිව්වනේ මේ පාරත් මෘදුකාංගයක් ගැන කියල දෙනව කියලා.අද කියන්න යන්නේ අපේ කොම්පියුටරේ තියෙන ෆොටෝ එකම තැනකට අරගෙන.ස්ලයිඩ් ශෝ එකක් හදීමට පුලුවන් සෙෆ්ට්වයාර් එකක් ගැන.ඒ තමයි පිකාසා.පිකාසා කියන්නේ ගූගල් ආයතනයෙන් නොමිලේ ලබාදෙන මෘදුකාංගයක්.පිකාසා වලින් වැඩ ගොඩාක් කරගන්න පුලුවන් ඒවා ඉස්සෙල්ලා කියලම වැඩේ පටන් ගමු.

1.තෝරාගත් ඡායාරූප යොදාගෙන ස්ලයිඩ් ෂෝ සහ ප්‍රෙසන්ටේෂන් සෑදිය හැකිවීම.

2.පරිගණකයේ සියලුම ෆෝල්ඩර්ස්වල ඇති ඉමේජ් එකම තැනකදී එම ෆෝල්ඩර්ස් සමඟ පෙන්වීම

3.මෙම ඡායාරූප තෝරා සංස්කරණය කර ගත හැකි වීම

4.ඡායාරූප ඇල්බම් හෝ වීඩියෝ ක්ලිප් සාදා ඒවා සීඩී/ඩීවීඩී ප්ලේයරයකින් බැලිය හැකි සේ CD/DVD තුළ තැන්පත් කළ හැකිවීම

5.ඡායාරූපයක් ඇසුරෙන් ස්ක්‍රීන්සේවර් සාදාගත හැකිවීම

6.තෝරාගත් ඡායාරූප හෝ ප්‍රසන්ටේෂන් වෙබ් අඩවි වෙත එක කරගත හැකිවීම.

ඔයාලට picasa.google.com යන ලින්ක් එකට ගිහිල්ලා අපට අවශ්‍ය පිකාසා මෘදුකාංගය ඩව්න්ලෝඩ් කරගන්නට පුළුවන්.ඒක වෙන ඒව වගේම ඉන්ස්ටෝල් කරගන්න.ඊට පස්සෙ All Programs-Picasa-Picasa 3 ඔස්සේ යන්න.එවිට විවෘත වෙන්නේ පිකාසා ඩයලොග් බොක්ස් එකයි.එයින් ඡායාරූප ලබා ගන්නේ කුමන ස්ථානවලින්ද යන්න තේරිය හැක.එහිදී Only search My Documents,My Picturs,and the Desktop යන්න තෝරා ඇත්නම් පිකාසා මෘදුකාංගය එම ෆෝල්ඩර්වල ඇති ඡායාරූප පිකාසා වැඩසටහන වෙත ලබාගනී.එසේ නොමැති නම් මෙහි ඇති search my whole computer for picture යන්න තේරීමෙන් හාඩ් ඩිස්ක් එක තුළ ඇති සියලු රූප පිකාසා වැඩසටහන වෙත ලබාගත හැක.ඉහත සඳහන් කළ දෙකින් ඕන එකක් තෝරා continue නම් බට්න් එක ක්ලික් කරන්න.ඉන්පසුව පිකාසා ඩයලොග් බොක්ස් එකෙහි මිළඟ පිටුවට පිවිසිය හැක.එහිදී පරිගණකයේ ඇති සියලු රූප මත ඩබල් ක්ලික් කර,විවෘත කරන විට ඒවා පිකාසා වැඩසටහන හරහා විවෘත වීමට සැලැස්විය හැක.මෙය ඉතා ආකර්ශනීයව හා පහසුවෙන් රූප බැලීම සඳහා තේරීමකි.ඊට අකමැති නම් මෙහි පහළින් ඇති Don’t Use Picasa Photo viewer යන්න සිලෙක්ට් කරන්න පුලුවන්.මෙම ඩයලොග් බොක්ස් එකෙහි ඇති finish නම් බට්න් එක ක්ලික් කිරීමෙන් විවෘත වෙන්නේ පිකාසා ඇප්ලිකේෂන් වින්ඩෝවයි.එහි වම්පසින් ඇත්තේ ෆෝල්ඩර් ලිස්ට් එකයි.එම වින්ඩෝවේ මැද කොටස් කුඩාවට ෆෝල්ඩර් තුළ ඇති රූප පෙන්වයි.

දැන් අපි ඉගෙනගන්න යන්නේ රූප අඩංගු ෆෝල්ඩරයක් කොහොමද තොරා ගන්නෙ කියලා.අපි ඉස්සෙල්ලා කිව්වනේ වම්පසින් ෆෝල්ඩර් ලිස්ට් එකක් තියනවා කියලා.එහෙත් මැද කොටසේ කුඩාවට පෙන්වන්නේ අර ෆෝල්ඩර්වලට අනුවයි.මේ නිසා විවිධ ස්ථානවල ඇති ෆෝල්ඩර් අතුරින් අවශ්‍ය රූප සහිත ෆෝල්ඩරය තෝරා එහි තිබෙන රූප බැලිය හැක.පරිගණකයේ රූප අඩංගු ෆෝල්ඩර් මෙම ෆෝල්ඩර් ලිස්ට් එකේ නොපෙන්වයි.ඔබට රූප ලබාගැනීමට File මෙනු එක තුළින් Add folder to Picasa යන්න මත ක්ලික් පාරක් දාන්න.ඉන්පසුව විවෘත වෙන්නේ folder manager ඩයලොග් බොක්ස් එකයි.එහි වම්පසින් ඇති Folder List නම් ඩයලොග් බොක්ස් එක තුළින් පරිගණකයේ ඇති ෆෝල්ඩර්ස් පෙන්වයි.එහිදී නිල් පාටින් ඇති රවුමක් වගේ ඊතල දැකිය හැකිය.ඒවා දැනට පිකාසා තුළ රූප පෙන්වන ෆෝල්ඩරය.ඒවා පිකාසා වැඩසටහන විසින් නිතර පරීක්ෂා කරයි.ඒවාට අලුත් රූප එකතු කළ විට ඒවාද පිකාසා වල පෙන්වයි.මෙහි කොළ පැහැති හරි ලකුණ ඇති ෆෝලඩර් පරීක්ෂා කරුනුයේ එක්වරක් පමණි.අපි ඒ ෆෝල්ඩර් වලට අලුත් රූප එකතු කළොත් ඒවා නොපෙන්වයි.රතු පැහැති කතිර ලකුණකින් පෙන්වන්නේ දැනට රූප නොපෙන්වන ෆෝල්ඩරය.ඔයාලට මේකෙ රූප පෙන්වන ෆෝල්ඩරයක් පිකාසා වලදි අවශ්‍ය නොවේනම් Folder List එක තුළින් සිලෙක්ට් කරල දකුණු පසින් ඇති Remove From Picasa යන්න තෝරා දෙන්න.

ඡායාරූපවලට ඉෆෙක්ට් යොදමු

දැන් අපි ඡායාරූප පිකාසා වලට ඇඩ් කරගත්තනේ.දැන් හදන්නේ ඒවාට ඉෆෙක්ට් දාන්න.ඡායාරූප වරණයට සහ ආලෝකයට අදාළ විවිධ සැකසුම් කීහිපයක් කරගැනීමට පිකාසා වලින් ඉඩ ලබා දී ඇත.මෙම වෙනස්කම් කිරීමට අවශ්‍යනම් ඡායාරූප අඩංගු ෆෝල්ඩරය සිලෙක්ට්ව තිබියදී පිකාසා වින්ඩෝවේ ඇති අවශ්‍ය රුපය ඩබල් ක්ලික් කරන්න.එවිට ඒ රූපය තනි පිටුවකින් විවෘත වේවි.එහිදී පිකාසා වින්ඩෝවේ වම්පසින් ඇති ටාස්ක් එක මඟින් රූපය සඳහා අවශ්‍ය වෙනස්කම් කළ හැක.ඒකෙ රූපයට අදාළ වෙනස්කම් කරන්න ටැබ් තුනක් තියනවා

ඒකෙ මුලින්ම තියෙන්නේ Basic Fixes ටැබ් එකයි.ඒක සිලෙක්ට් කළොත් ඒකෙන් වෙනස් කළ හැකි වෙනස්කම් පෙන්වයි.එයින් ඔන එකක් ක්ලික් කර රූපයේ වෙනස්කම් කළ හැකියි.

මෙහි දෙවැනියට ඇත්තේ Tuning ටැබ් එකයි.එය සිලෙක්ට් කළොත් Fill Light,highlights,shadows and Colour Temperature ලෙස රූපයේ ආලෝකය හා වර්ණ තීබ්‍රතාව වෙනස් කළ හැකි හැඩ්ල් කීපයක් ඇත.මේවා එහා මෙහා කිරීමෙන් ඒවා වෙනස් කළ හැකිය.

තුන්වෙනියට ඇත්තේ Effects ටැබ් එකයි.එමඟින් රූපය වර්ණ ආකාරවලට වෙනස් කළ හැකිය.ඕකත් හරියට MSWord වල පොටෝ එකේ වර්ණය වෙනස් කරනව වගේ.ඕකෙ පුලුවන් රූපයේ කොටසක් බොද කරන්න.රුපයේ කොටසක් පමණක් කළු සුදු කරන්නත් පුලුවන්.හරියට photoshop වගේ.Effect ටැබ් එක ක්ලික් කරාම Sharpen,Serpia,B and W,Tint වැනි බට්න් ක්ලික් කිරීමෙන් රූපයේ වෙනස් කම් කළ හැකිය

ස්ලයිඩ් ෂෝ වීඩියෝ බවට හරවමු.

අපි ස්ලයිඩ් ෂෝ වීඩියෝ කරන්න කලින් සලයිඩ් ෂෝ එකක් හදන්න එපැයි නේ.ඒකට ෆෝල්ඩර් පිස්ට් එකෙන් අවශ්‍ය ඡායාරූප ටිකක් තෝරා ගන්න.දැන් පහළින් ඇති ටූල් බාර් එකෙන් Movie නම් බට්න් එක ක්ලික් කරන්න.එවිට Movie Maker ටැබ් එක විවෘත වෙයි.එහිදී සල්යිඩ් අතර මුලින්ම ඇත්තේ කළු පැහැති ස්ලයිඩ් එකකි.ඉමේජයේ නම එහි නම ලෙස තිබේ.එය ප්‍රසන්ටේසන් එකේ පළමු පිටුවයි.පළමු සල්යිඩ් එකේ නමේ අකුරු වලට වෙනස්කම් කිරීමට අවශ්‍යනම් Movie Maker ටැබ් එක තුළ වම් පසින් ඇති Slide නම් බට්න් එක ක්ලික් කර අවශ්‍ය වෙනස්කම් කරන්න.ස්ලයිඩ් ෂෝ එක අතරතුර හෝ අවසානයේ අකුරු පමණක් ඇති තවත් ස්ලයිඩ් එකක් ඇතුළත් කරගැනීමට නම්,මුලින්ම පහළින් ඇති ස්ලයිඩ් සියල්ල දැක්වෙන ස්ථානයෙන් අකුරු ඇතුළත් කිරීමට අවශ්‍ය ස්ථානයට වම් පසින් ඇති ස්ලයිඩ් එක සිලෙක්ට් කරන්න.දැන් වම් පසින් ඇති Add a new text slide නම් බට්න් එක ක්ලික් කොට අකුරු පමණක් ඇති තවත් ස්ලයිඩ් එකක් ඇතුළු කරගත හැක.ආ කියන්න අමතක වුණා.ස්ලයිඩ් වල පිළිවෙල වෙනස් කරන්න අවශ්‍ය නම් පහළින් සියලු ස්ලයිඩ් කුඩාවට දැක්වෙන ස්ථානයෙන් අවශ්‍ය ස්ලයිඩ් එක මත ක්ලික් කර එම අලුතින් තිබිය යුතු තැනට ඇද දමන්න.

ස්ලයිඩ් මාරුවන ඇනිමේෂන් එක වෙනස් කරන්න අවශ්‍ය නම් movie නම් ටැබ් එක සිලෙක්ට් කර Transition Style නම් ඩ්‍රොප් ඩවුන් මෙනු එක ක්ලික් කර අවශ්‍ය ස්ලයිඩ් ට්‍රාන්සිෂන් එක තෝරා ගන්න.මෙය ක්‍රියාත්මක වන ආකාරය බැලීම සඳහා මුලින් විස්තර කළ ආකාරයට ස්ලයිඩ් ෂෝ එක ධාවනය කර බැලිය හැක.Slide Transition style නම් කොටසට පහළින් තිබෙන Slide Duration නම් ටැබ් එක භාවිතා කර ස්ලයිඩ් එකක් තිරය තුල දැකිය හැකි කාලය වෙනස් කළ හැක.

ස්ලයිඩ් ෂෝ එකට වාදනයක් එක් කිරීමට අවශ්‍ය නම් movie නම් ටැබ් එක සිලෙක්ට් කර audio track නම් ස්ථානයෙන් load බට්න් එක ක්ලික් කරන්න.එවිට Open ඩයලොග් බොක්ස් එක විවෘත වෙයි.ඒකෙන් අවශ්‍ය එකක් තොරා දෙන්න.

ස්ලයිඩ් ෂෝ එක වීඩියෝ ක්ලිප් එකක් සේ සේව් කර ගැනීම

විඩීයෝ ක්ලිප් එකක් සෑදීමේදී එහි තීරයේ ප්‍රමාණය වැදගත්ය.movie ටැබ් එක සිලෙක්ට්ව තිබියදී Dimension නම් ස්ථානයේ ඩ්‍රෝප් ඩව්න් මෙනු එකෙන් අවශ්‍ය ප්‍රමාණය තෝරන්න.ස්ලයිඩ් ෂෝ එක වීඩියෝ ෆයිල් එකක් සේ සේව් කරගැනීමට Movie බට්න් එක සිලෙක්ට්ව තිබියදී Create Movie නම් බට්න් එක ක්ලික් කරන්න.එය සේව් උනාම My documents ෆෝල්ඩරය විවෘත කරගෙන එහි My Pictures-Picasa-Movies හරහා ගොස් සැකසුනු වීඩියෝ ක්ලිප් එක දැකගත හැකිය.

ස්ක්‍රීන් සේවර් එකක් හදමු.

මුලින්ම ඡායාරූප අඩංගු ෆෝල්ඩරය සිලෙක්ට් කරන්න.මෙහිදී මුලු ෆෝල්ඩරයේම තියෙන ඡායාරූප තෝරා ගැනේ.වෙනමම තෝරා ගත් නොහැක.දැන් Create මෙනුවෙන් Add to Screen Saver තෝරන්න.එවිට Display Properties ඩයලොග් බොක්ස් එකෙහිදී ලැබෙන ScreenSaver ටැබ් එක ලැබේවි.එහි Preview මගින් ස්ක්‍රීන් සේවර් එක ක්‍රියාත්මක වන ආකාරය බැලීමද wait තුළින් එය ආරම්භ කල යුතු වෙලාව සැකසීමද කළ හැක.දැන් මෙම ටැබ් එක OK කළ විට පරිගණකයේ ස්ක්‍රින් සේවරය බවට පත්වේ.

ෆෝල්ඩර් කීපයක රූප තනි ඇල්බමයකට ගනිමු


මේ සඳහා File මෙනු එකෙන් New Album යන්න ලබා ගන්න.එවිට විවෘත වෙන්නේ Album Properties ඩයලොග් බොක්ස් එකයි.එහි නේම් නම් ස්ථානයේ අලුත් ඇල්බම් එකේ නම සදහන් කරන්න.මෙම සැකසුම් කර OK බට්න් එක ක්ලික් කරන්න.ඉහත ආකාරයෙන් ඇල්බම් එකක් සාදාගත් පසුව ඡායාරූප ඇතුලත් කර ගැනිමටනම් ඡායාරූපය මත රයිට් ක්ලික් කර Add to Album යන්න තොරා ,ලැබෙන සබ්මෙනුව තුලන් අදාළ ඇල්බමයේ නම ක්ලික් කළ විට,එම රූපය අදාළ ඇල්බමය තුළ පෙන්වයි.මේ ආකාරයෙන් ඇල්බම් එකක් සාදාගත හැක

ස්ලයිඩ් ෂෝ එක නරඹමු

අපි තාම සලයිඩ් ෂෝ හැදුවට බලන්නෙ කොහොමද කියල ඉගෙන ගත්තෙ නැහැනේ.ඒ සඳහා පිකාසා වින්ඩෝවේ වම්පස ඉහළින් ඇති Play බට්න් එක ක්ලික් කරන්න.
ඔන්න දැන් තමයි හොදම හරිය.මගේ පන්ති ගාස්තුව දවසට 1000 යි.ඕක මගේ බෑන්ක් එකවුන්ට් එකට දාන්න.අපි ගියා.

{ 16 අදහස්... read them below or Comment }

  1. වටින යමක් බොහොම ස්තුතියි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නලීන්.තව කට්ටිය මේ පැත්තට එක්කරගෙන එන්න

      Delete
  2. ලොවෙත් නෑ. වටින ලිපිය

    ReplyDelete
    Replies
    1. ස්තූතියි.තව කස්ටිය එක්කරං එන්න

      Delete
  3. එල මල්ලියා කරගෙන යමු!
    කකාගෙ පෝස්ට් එකට දාපු කමෙන්ට් එක හරහ ආවෙ. දිගු ගමනකට සුභ පැතුම්!
    කමෙන්ට්ස් ගැන හිතන්නැතුව දිගටම ලියන්න! ජය වේවා!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සමී.තන කට්ටිය එක්කරගෙන එන්න

      Delete
  4. යසිරු ඔන්න මාත් ආවා... හැබැයි මං පරක්කු වෙලා වගේ.. අපේ ලොක්කෝ ඔක්‌ෙකාම වගේ මට කලින් ඇවිල්ලා.. හි හි...

    මම ‌ගොඩක් තැන්වල ඔයාගේ කමෙන්ට්ස් දැක්කා.... මට ඒ කමෙන්ට් කියවද්දි හිතුනෙත් ඔයා කට්ටිය ගෙන්නගන්න බලාපොරොත්තුවෙන් ඒ කමෙන්ට්ස් දානවා වගේ කියලා.... ඇවිත් බැලුවාමත් ඒ සිතුවිල්ල හරි කියලා තමා හිතුනේ...

    ඔයාගේ මේ ලිපිය ගොඩක් හොඳයි.. මං නං පිකාසා ගැන මේ ලෝකේ දෙයක් දන්නේ නෑ... ඒක නිසා හරි වටිනවා..

    ඒත් ඔයා මෙහෙට එන කට්ටිය වැඩි කරගන්න උත්සාහ කරනවට වඩා, තව මේ වගේ හොඳ ලිපි ලියන්න, හොඳ තොරතුරු එකතු කරලා වටින යමක් ඉදිරිපත් කරන්න උත්සාහ කරනවා නම් ගොඩක් හොඳයි කියලා මං හිතනවා... මොකද මේ වගේ හොඳ ලිපියක් කවදාවත් expire වෙන්නෙ නෑ... හැමදාම මේකේ අගය තියෙනවා.. කවදහරි කාට හරි මේක ඕනේ වෙලා ඔයාව හොයාගෙන එනවා.. ඒක නිසා කමෙන්ට්ස් ගාන, ෆලෝවර්ලා ගාන ගැන වැඩිය හිතන්නේ නැතුව, ඔයා ආස කරන දෙයක්, ඔයාට ආස හිතෙන විදියට කරලා, එකෙන් සන්තෝස වෙන්න උත්සාහ කරන්න... ඔය හොඳට ලියනකොට කට්ටිය වැඩි වැඩියෙන් එයි... හි හි

    මේ බ්ලොග් ලිවිල්ලේ තියෙන හොඳම දේ ඒක... ලියන ‌දේකින් පළවෙනියටම සතුටු වෙන්නේ ඔයා... තව අය ඇවිත්, කියවලා කමෙන්ට් කරන කොටත් සතුටු වෙන්නෙ ඔයා...

    මං දැක්කා ඔයා ලින්ක් එක දාලා තිබ්බ එකකට ටිකක් නරක විදියේ කතාබහක් ඇති වෙලා තියෙනවා.. ඒවා ගනං ගන්න එපා... මාත් ලින්ක් දාන්න දන්නේ නැතුව ඉන්න කාලේ අපේ බ්ලොග් ලියන ගොඩක් අය මටත් ඒක ඉගෙන ගන්න උදවු කළා.. ඒක නිසා මං ඔන්න කමෙන්ට් එකකට ලින්ක් එකක් එල්ලගන්න හැටි මෙතන දානවා ‌හොඳේ..

    මට කියලා දෙන්න ගිහින් කට්ටිය නෑවා.. ඒක නිසා මං ඔයාට හොර පාරක් කියන්නම්.. නැත්තම් මටත් ඒ වැඩේමයි වෙන්නේ.. හි හි

    blogger එකේ ඔයා අලුත් පෝස්ට් එකක් දාන කොට එකේ ලින්ක් එකක් දාන විදිය තියෙනවා නේද.. ඒකේ HTML Mode එකෙන් ලින්ක් එකේ කෝඩ් එක කොපි කරගන්න... එතකොට ඔයාගේ කමෙන්ට් එක අගට ඒ කෝඩ් එක දැම්මම ලින්ක් එක එනවා... මෙන්න මෙහෙම..

    සිංහපීඩියා

    ඔයට සුබ පතනවා තවත් හොඳට, හොඳ දේවල් ලියන්න පුළුවන් වෙන්න කියලා...

    ReplyDelete
    Replies
    1. ඔයාට ස්තූතියි හිරූ හිහී

      Delete
  5. Mey blog ekata enna godak amaru una. Open una gaman shut down wenawa. Dan nam hari.:):)
    Putha ge blog eka harima hondai, digu gamanakata suba pathum. :)

    ReplyDelete
  6. Supiri Good Post එකක්. අර Mart View වල E-Book එකක් සැදුව විට මැද පිටුවට Samsung Galaxy කියලා පිටු දෙකක් එනවා.එ ඇයි.

    ReplyDelete
    Replies
    1. e wage ekak enna widiyak nehene.mama try karala balannam.me english walin type kale windows 8 use karanne

      Delete
  7. මටත් ඒකම තමා උනේ. මෙහෙට එන්න අමාරු වුනා. දැන් ඒක හරි. අර හිරු කියලා දීපු එක ගොඩක් වටිනවා. මොකද මාත් තාම ලින්ක් එකක් එල්ලගන්න දන්නේ නැහැනේ. ට්‍රයි කලා. ගොඩක් අය කියලා දෙන්නත් හැදුවා ඒත් මම මැට්ටියෙක්ද කොහෙද? හිරු කියන විදියත් බලමු.

    ReplyDelete
    Replies
    1. e prashne thama hoyaganna bariwuna.than kohoma hari awane

      Delete
  8. විජය පරිගණකසගරාව සමග නොමිලේදෙන ටැබ්ලොයිඩ් අතිරේකයේ මේපිලිබද හොද විස්තරයක් තිබුණා

    ReplyDelete
    Replies
    1. මම ඒක කියවල බලන්නම්

      Delete

Welcome

ඕහ්..තවම member කෙනෙක් වුණේ නැත්ද

▪ අලුත් විදියට හිතන්න 
▪ අලුත් දේ ඉගෙන ගන්න 
▪ අලුත් දේ කරන්න 
▪ අපිත් එක්ක එකතු වෙන්න 
▪ ඔයත් දැන්ම සාමාජිකයෙක් වෙන්න.

Followers

Sunday 7.30 a.m

Online සිංහයින්


- Copyright © සිංහPedia -SinHaPedia.com- Powered by SinHaPedia INC - Designed by Yasiru Udana Ransara -