Posted by : yasiru Saturday, December 8, 2012



සාමාන්‍යෙයන් අපි එදිනෙදා පොත් කියවන විට කොහොමද පිටු පෙරලන ආකාරය.දැන් ඒ වගේ ක්‍රමයක් අප පරිගණකයෙනුත් නිර්මාණය කරන්න පුළුවන් ආකාරයට සොෆ්ට්වෙයාර් බඩ්ඩක් හදල තියෙන්නේ.මෙය භාවිතයෙන් අප නිර්මාණය කර ඇති PDF පිටු එකතුවකින් පොතක් සාදා, පරිගණක දර්ශකයේ මවුසය භාවිතයෙන් පිටු පෙරලන්න පුළුවන්.මෙය සේව් කොට සාදා ගත හැකි ඉලෙක්ට්‍රෝනික් පොත් හදුන්වන්නේ EBook කියාය. මෙවැනි EBook නිර්මාණය කරන්න පුළුවන් මෘදුකාංග බොහොමයක් ආන්තර්ජාලයෙන් සෙවීමේදී අපට හසුවෙයි.ඉතා ලෙහෙසියෙන් පොත් සාදන මාදුකාංගත් තියෙනවා.ඒත් අපට අවශ්‍ය නොමිලේ දෙන මෘදුකාංගයක් නේ.ඩොලර් තියෙන අයනම් ඒවා ගත්තට කමක් නෑ .නොමිලේ දෙන මෘදුකාංගය පොඩ්ඩක් හදුන්වල ඉමුකෝ.එය හදුන්වන්නේ Martview Digital Reading කියාය.අද මං කියා දෙන්න යන්නේ එය භාවිතයෙන් ඊ-බුක් එකක් නිර්මාණය කරන හැටි ගැන.

මෙය ඩව්න්ලෝඩ් කරගන්න මුලින්ම www.martview.com අඩවියට ගොස් නොමිලේ දෙන සේවය ඉවුන්ලෝඩ් කරගන්න.එය ඩව්න්ලෝඩ් කරගත් පසු martview_setup.exe නම් සෙටප් ෆයිල් එකක් ලැබේවි.මෙය පරිගණකයට ඉන්ස්ටෝල් තවත් මෘදුකාංගයක් පරිගණකයේ ඉන්සිටෝල් කර එම අවශ්‍යතාව සපුරා තිබිය යුතුය.එනම් Java Runtime Environment වැඩසටහනෙහි 1.6 සංස්කරණය හෝ ඊට පසු ආ සංස්කරණය.එය ඩව්න්ලෝඩ් කරගන්න www.java.com/download/manual.jsp යන ලිපිනයට පිවිසිය යුතුය.එම සෙටප් යෙිල් එක ඩවුන්ලෝඩ් කරගෙන.එය පරිගණකයට ඉන්සිටෝල් කර යුතුය.ඉහතින් කී මෘදුකාංග දෙක අවශ්‍ය අය පෙන්ඩ්‍රයිව් එකකට දාගෙන පාවිච්චියට ගන්න පුළුවන්ග( දෙකේ පන්තියේ අයට කිව්වේ).ඉන්පසුව Martview මෘදුකාංගය ඉන්සිටෝල් කර යුතුය.වෙන මෘදුකාංග ඉන්සිටෝල් කරනව වගේම මුලින් බස තොරන්න.මමනම් දැම්මේ ඉංග්‍රීසි.ඉන්පසුව සාමාන්‍ය විදියට ප්‍රතිචාර දක්වන්න.

මෙම මෘදුකාංගය වෙත පිවිසුනු විට දැකගත හැකි වෙන්නේ එහි යූසර්ගයිඩ් එකයි.මෙහි කිසිම ටූල් එකක් දැක ගත නොහැකිය.මෘදුකාංගයේ ඉහළට කර්සය ගෙනගියාම එක එක ක්‍රියාකරකම් සඳහා වෙන්වූ රිබන් එකක් හැඩති මෙනු එකක් මතුවේවි.මතු වුණේ නැත්නම් java වල ප්‍රශ්නයකි.එමෙන්ම එම වින්ඩෝ එක පහළින් පිටු වෙත පිවිසීම සඳහා සික්‍රෝල් එකක් ඇති මෙනුවක් දැකගත හැකිය.

ඉ-බුක් එකක් හදමුද-
 ඕනෑ රූප අඩංගු ෆයිල් එකක් ඉ-බුක් සැදීම සදහා භාවිතා කළ හැකිය (Jpg,png,gif).එමෙන්ම pdf ෆයිල්ද භාවිතා කර ඉ-බුක් සැකසිය හැකිය.එවිට මුල් කී ෆයිල්,.mart යන එක්ස්ටෙන්ෂන් එක සහිත ෆයිල් බවට පත්වේවි.ඒ සදහා මුලින්ම Martview ඇප්ලිකේෂන් වින්ඩෝ එකෙහි ඉහළින් ඇති මෙනු එකෙන් Create E-Book යන්න මත ක්ලික් කරන්න.රවිට Create E-Book යන ඩයලොග් බොක්ස් එක විවෘත වේවි.එහි PDF භාවිතයෙන් ඉ-බුක් සෑදිමට වෙනමම කොටසක් වෙන්වී ඇත.තවද ඡායාරූප භාවිතයෙන් ඉ-බුක් සෑදීමට වෙනමම කොටසක් වෙන්වී ඇත.අන්තිමටම ඇති Zip හෝ Rar ෆයිල් එකක් භාවිතයෙන් ඉ-බුක් එකක් සෑදීමට වෙනමම වෙන්වූ කොටසක්.ඒ සදහා ඡායාරූප ෆයිල් කම්ප්‍රෙස් කර තිබිය යුතුය.මේ ඕනෑම විදියක් භාවිතා කොට ඔයාලට ඉ-බුක් සෑදිය හැකිය.අර ඉස්සෙල්ලා කියූ එක එක වර්ගයේ ෆයිල් වලින් ඉ-බුක් සාදන ආකාරය පෙන්වූ කොටස් යට Create නම් බට්න් එකක් ඇති.ඔය කුමන Create බට්න් එක මත ක්ලික් කළද සෑම විටම විවෘත වන්නේ Open නම් ඩයලොග් බොක්ස් එකයි. ඉ-බුක් එක සදහා අවශ්‍ය ෆයිල් සිලෙක්ට්කර Open නම් බට්න් එක මත ක්ලික් කරන්න.එවිට විවෘත වෙන Create E-Book බොක්ස් එක තුළ e-Book Created Successffully ලෙස පණ්වුඩය දැක ගත හැකිවේවි.එහි Open බට්න් එක ක්ලික් එළ විට මාට්විව් ප්ලෙයරය මගින් තමාගේ පොත දැක ගත හැකිය.අපි සාදන සෑම ඉ-බුක් එකක්ම සාදන විට My E-Boooks නම් ෆෝල්ඩරයේ ගබඩා වේ.ඒවා ක්ලික් කර මාට්විව් ප්ලෙයරය හරහා ඒවා නැරඹිය හැකිය.මෙසේ My E-Books නම් ෆෝල්ඩරය තුළ ඉ-බුක් ගණනාවක් ඇති විටෙක,ඉන් අවශ්‍ය එකක් විවෘත කර ගැනීමට,මෙහි ඉන්ටර්ෆේස් එකෙහි ඇති Book Shelf යන්න මත ක්ලික් කළ යුතුය.එවිට පෙන්වන ඉබුක් අතරින් අවශ්‍ය ඉ-බුක් එක මත ක්ලික් කළ විට එය විවෘත කරගත හැක.

ඉ-බුක් පෙරළා බලන්න ආසද- 

සාමාන්‍යෙයන් ඉ-බුක් පෙරළන්නේ දකුණු පසින් හෝ වම්පසින් මවුසය භාවිතයෙන් තල්ලු කිරීමෙනි.මෙහි එයද භාවිතා කළ හැකිය.එහෙත් මෙහි එය කිරීමට වෙනන ඔප්ෂන් හදුන්වා දී ඇත.ඒ සඳහා ඉන්ටර්ෆේස් එකෙහි ඉහළින් ඇති මෙනු එක තුළින් Horizontal Slide,Thumbnails හෝ Index යන බට්න් එක මත ක්ලික් කර ඒවා විමසා බැලිය හැකිය.මවුසයේ බට්න් දෙක එකවර තද කිරීමෙන් එය විශාල කර බැලිය හැකිය.නැවත පිටුව කුඩා කිරීමටනම් එකවර මවුසයේ බට්න් දෙක නැවතත් තද කළ යුතුය.

  තමාගේ ඉ-බුක් එක ප්‍රසිද්ධ තරමුද

තමාගේ ඉ-බුක් ප්‍රසිද්ධ කිරීම සදහා Martview අඩවිය ඉඩ ප්‍රසි්ථාවක් ලබා දේ.එය upload කිරීම සදහා මුලින්ම Martview ඇප්ලිකේෂන් වින්ඩෝ එකෙහි ඉහළින් ඇති මෙනු එක තුළින් Upload E-Books යන්න මත ක්ලික් කරන්න.එවිට විවෘත වෙන්නේ upload ඩයලොග් බොක්ස් එකයි.එහි මුලින්ම ඔබගේ නම අසා ඇති,දෙවනුව රට අසා ඇති ඒවාට පිළිතුරු දී තෙවනුවට දැක ගත හැකි Select E-Books යන්නට තමාගේ ඉ-බුක් තේරීමට Browse බට්න් එක ක්ලික් කරන්න.එවිට Open ඩයලොග් බොක්ස් එක විවෘත වේවි.ඔබගේ ඉ-බුක් එක තෝරා Open බට්න් එක ක්ලික් කරන්න.දැන් නැවතත් යොමුවෙන්නේ upload බොක්ස් එක වෙතටයි.එවිට එහි පෙන්වන්නේ ඉ-බුක් එක සඳහා තොරා ගත හැකි කවර කිහිපයකි.එයින් කැමති රූපයක් මත ක්ලික් කරන්න.ඔන්න Browse වැඩේ ඉවරයි.ඉන්පසුව අසා ඇති Book Title නම් ස්ථානයට සුදුසු නමක් දෙන්න.පසුවැන්නට අසා ඇත්තේ Category ලෙසය.එයට ඉ-බුක් යන්න තෝරන්න.ඉ-බුක් යන්න තේරුව විට පමණි මාට්විව් අඩවියේ අපගේ ඉ-බුක් එක දැකගත හැකි වන්නේ.ඊට පස්සෙ අහල ඇති තොරතුරු වලට මම අවශ්‍ය නැහැ.අවසානයේදී පහළ වම් කෙළවරේ ඇති upload බට්න් එක ක්ලික් කරන්න. අයියෝ සල්ලි වැඩේ ඉවරයි.තවත් සති දෙකකින් හමුවෙමුකෝ

{ 6 අදහස්... read them below or Comment }

  1. බොහොම හොඳ වැඩක්.. ස්තුතියි..

    ReplyDelete
  2. ඇත්තටම හොදයි.මාර වැඩක් සුපිරි.නියමයි.එවගෙ තව පොස්ට් දමන්න.

    ReplyDelete
  3. මම මනෝ විද්‍යාව පිළිබඳව ආචාර්ය (PhD) උපාධිධාරි යෙක්. දැනට විශ්වවිද්‍යාල දෙකකින් උපාධි හා පශ්චාත් උපාධි 7 ක ට වඩා ලබා තිබෙනවා. ඒ වගේම ශාස්ත්‍රීය පර්යේෂණ සම්බන්ධ කෘති 28 කට අධික ප්‍රමාණයක් මුද්‍රණය කර ප්‍රකාශයට පත්කර තිබෙනවා. කාලයක් තිස්සේ මනෝ උපදේශන සේවාවේ නිරත වෙනවා. අන්තර්ජාලය හරහා විවිධ මනෝ උපදේශන සේවාවන් සිදු කරනවා. දැනට රාජ්‍ය ආයතනයක ( අමාත්‍යාංශයක) ඉහළ කළමනාකරීත්වයට අයත් ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරියෙක් ලෙස සේවය කරන අතර විශ්වවිද්‍යාලයීය ආරාධික කථිකාචාර්වරයෙකු විදිහට කටයුතු කරනවා. මම කැමතියි ඔයාගේ වෙබ් අඩවියට මගේ ජංගම දුරකථන අංකය 0718064226 කතා කලොත් මට පුලුවනි ඔයාට අවශ්‍ය උපකාරයක් ලබා දෙන්න.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සුජිත් මහතාණෙනි.මට අවශ්‍යවුනොත් ඔයාට කතාකරන්නම්

      Delete

Welcome

ඕහ්..තවම member කෙනෙක් වුණේ නැත්ද

▪ අලුත් විදියට හිතන්න 
▪ අලුත් දේ ඉගෙන ගන්න 
▪ අලුත් දේ කරන්න 
▪ අපිත් එක්ක එකතු වෙන්න 
▪ ඔයත් දැන්ම සාමාජිකයෙක් වෙන්න.

Followers

Sunday 7.30 a.m

Online සිංහයින්


- Copyright © සිංහPedia -SinHaPedia.com- Powered by SinHaPedia INC - Designed by Yasiru Udana Ransara -