Wednesday, May 15, 2013

බ්ලොග් එකට ඇප් එකක් ලේසියෙන්ම හදාගමු





දැන් බ්ලොග් කරුවන්ට තියෙන පුරශ්නයක්නෙ බ්ලොග් එකට ඇප් එකක් හදාගන්නෙ කොහොමද කියල.ඒකට පිළිතුරක් දෙන්න තමයි මම ආවේ.මම මේක පියවර විදියට කියල දෙන්නම්.වැඩේ හරි ගියානම් කමෙන්ට් පාරකුත් දාල යන්න.

පියවර 1

මුලින්ම http://appsgeyser.com/create/start/ ලින්ක් එකට ගිහින් website යන්න තෝරන්න.

පියවර 2

ඊට පස්සෙ එන පේජ් එකේ.මෙන්න මේ විදියට ඇති.






















website url:කියන තැනට ඔයාලගෙ බ්ලොග් එකේ url එක දෙන්න.App Name:තැනට ඇප් එකට නමක් දෙන්න.Icon කියන තැනට Default Icon තෝරන්න.Screen Orientation තැනට Auto තෝරන්න.ඊට පස්සෙ එක ක්ලික් කරන්න

පියවර 3

ඊට පස්සෙ sign up form එක පුරවන්න.ඊට පස්සෙ අපි හදපු අපි හදපු android app එක ඕපන් වේවි.ඕනනම් ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.

පියවර 4

ඔයාලට ඔයාලගෙ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න කියල දාන්න පුලුවන්.ඒකට උඩ තියන ටැබ් වලින් Distribute ටැබ් එක ක්ලික් කරන්න.එතන තියන බට්න් වල තියන කෝඩ් එක කොපි කරගන්න.

පියවර 5

බ්ලොග් එකේ Layout-Add Gadget-Html/Javascript තෝරල.ඒ කෝඩ් එක පේස්ට් කරන්න.

මෙන්න අපේ එක.ඩවුන්ලෝඩ් කරගන්න.

7 comments: